FAST NEWS

24×7 Around the Globe

ධම්මික ප්‍රසාද්ට නැවත පිටියට පිවිසිමට නොහැකි හේතුව ඇෂ්ලි කියයි..

 

2016 මැයි මාසයේදී එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේය.

“ධම්මික ප්‍රසාද් දැන් සාමාන්‍ය විදියට පන්දු යවනවා. ඒත් ඔහුට පන්දුව විසි කිරීමට තවමත් අපහසු වෙලා තියෙන නිසා පූර්ණ වශයෙන් සුවය ලබන දිනයක් කියන්න බැහැ”

ඒ අනුව ඔහුට එළඹෙන නවසීලන්ත සංචාරය අහිමී වනු ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 කට ක්‍රීඩ කර ඇති ඔහු කඩුළු 75 ක් දවා ගැනිමට සමත්ව සිටියි.