2016 මැයි මාසයේදී එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේය.
“ධම්මික ප්‍රසාද් දැන් සාමාන්‍ය විදියට පන්දු යවනවා. ඒත් ඔහුට පන්දුව විසි කිරීමට තවමත් අපහසු වෙලා තියෙන නිසා පූර්ණ වශයෙන් සුවය ලබන දිනයක් කියන්න බැහැ”
ඒ අනුව ඔහුට එළඹෙන නවසීලන්ත සංචාරය අහිමී වනු ඇති බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 කට ක්‍රීඩ කර ඇති ඔහු කඩුළු 75 ක් දවා ගැනිමට සමත්ව සිටියි.









