FAST NEWS

24×7 Around the Globe

‘Bad Boys’ තෙවැන්නටත් සූදානම් වෙයි…

‘Bad Boys’ චිත්‍රපටයේ තෙවැන්න නිෂ්පාදනය කිරීමට සූදානම් බව එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ විල් ස්මිත් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබේ.
1995 වසරේ මෙහි පළමු චිත්‍රපටය තිරගත වූ අතර, දෙවැන්න තිරගත වූයේ 2003 වසරේදීයි.
ලොවක් ආකර්ශණය කිරීමට සමත් වූ මෙම සුප්‍රකට සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වූයේ මයිකල් බේ ය.
Bad Boys පළවන හා දෙවන චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන චරිතයට පන පොවනු ලැබුවේ සුපිරි හොලිවුඩ් නළු විල් විල් ස්මිත් සහ මාර්ටින් ලෝව්රන්ස් ය.
තෙවැනි චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයන් සදහා තෝරාගෙන තිබෙන්නේ ඔවුන් දෙදෙනා බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.