FAST NEWS

24×7 Around the Globe

අකිල ධනංජයගේ පන්දු යැවීම සැක බවට ICC යට පැමිණිල්ලක්…

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.
මෙම පැමිණිල්ල කර ඇත්තේ ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේදී විනිසුරුවන් ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆානේ හා දකුණු අප්‍රිකානු ජාතික මරායස් එරස්මස් විසිනි.
ඒ අනුව දින 14 ක් ඇතුළත අකිල සිය පන්දු යැවීමේ ඉරියව් පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුව ඇත.
කෙසේවෙතත් එංගලන්තයට එරෙහිව එළඹෙන 14 වැනිදා පල්ලෙකැලේදී ආරම්භ වන දෙවැනි තරගයේදී ඔහු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වුවහොත් අකිලට ක්‍රීඩාකිරීමට බාධාවක් නොමැත.