FAST NEWS

24×7 Around the Globe

බාහුබලී ආදායම් වාර්තා සර්කාර් බිඳ දමයි (වීඩියෝ)

සුපිරි දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ දිනයේදීම (06) ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවා මුදල් ඉපැයීමට සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ලොව පුරා සිනමාහල් 3000කට වැඩි සංඛ්‍යාවක තිරගත කෙරුණු මෙම චිත්‍රපටයට ඉන්දීය මෙන්ම විදේශික ප්‍රේක්ෂකයින්ගෙන් ද ඉතා ඉහළ ප්‍රතිචාර හිමිව තිබේ.
මේ අනුව සර්කාර් චිත්‍රපටය, බාහුබලී 2 චිත්‍රපටය තිරගත කිරීම් ඇරඹි දිනයේදී තැබූ ආදායම් වාර්තාව බිඳ හෙලූ බවද කියැවේ.