FAST NEWS

24×7 Around the Globe

‘සීරෝ’ තිරගත වීමටත් ප්‍රථම කෝටි 100 ක් උපයයි…

බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් විසින් රංගනයේ යෙදුණු ‘සිරෝ’ චිත්‍රපටය තිරගත වීමට පෙරම ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමක් ලැබී ඇතැයි වාර්තා වේ.
ඒ විදෙස් රටවල් සඳහා ප්‍රදර්ශනය කිරීමට මෙම චිත්‍රපටය එක්තරා සමාගමක් විසින් ඉන්දීය රුපියල් කෝටි 100 කට මිළදී ගැනීම නිසාවෙන් බව සඳහන් වේ.
එළැඹෙන දෙසැම්බර් 21 ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ට අයත් ‘රෙඩ් චිලි’ ආයතනය විසින් කෝටි 200 ක් වැය කරමින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වන අතර
ෂාරුක් සමගින්, කත්‍රිනා කයිෆ් හා අනුෂ්කා ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.
ෂාරුක් අවසන් වරට රඟපෑ ‘ඩියර් සින්දගී’, ‘රේයිස්’, හා ‘ජබ් හැරී මේජ් සේජල්’ චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වීම හේතුවෙන් මෙම ‘සිරෝ’ චිත්‍රපටයද එවැනි අති සාර්ථකත්වයක් හිමි කරගනු ඇතැයි විශ්වාස කරන බව සිනමා විචාරකයන් පවසයි.