ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නිදහස් පක්ෂය පියවර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ ඉකුත් මහ මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.








