FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ මිත්‍රත්වයේ දෑත් දිගු කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට නිදහස් පක්ෂය පියවර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ ඉකුත් මහ මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.