ශ්‍රී ලංකාව අවසන් තරගයේදි අවර්තීරණ වු අකාරය දැක සිය කණ්ඩායම අවදි වු බව සංචාරක එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් පසුගියදා අවසන් වු පස්වැනි එක්දින තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමීන් එංගලන්ත මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
එසේම අවසන් තරගය ගැන සිහිපත් කිරිමට තමා කැමති නොමැති බවත් එංගලන්ත පන්දු යැවිමේ දුර්වලතාවය මත ශ්‍රී ලංකාව ලකුණූ 360 ක සීමාවට ගිය බව හා පිතිකරණ දුර්වතාවය හේතුවෙන් තරගය පරාඡය විමට සිදුවු බව හෙතෙම අවධාරණය කර තිබේ.
ඒ අනුව එය විශාල පාඩමක් ලෙස ගත යුතු බවත්, එසේම එය පශ්චාත් භාගයට එල්ල වු විශාල පහරක්ද වන බව ස්ටොක් වැඩි දුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් සෙනුසුරාදා (27) පැවැත්වෙන විස්සයි විස්ස තරගයට හොදින් පුහුණූවි සුදානම්ව මුහුණදෙන බවත් හෙතෙම පවසා ඇත.
අවසන් තරගයේදි බෙන් ස්ටොක් පමණක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණූ අතරට පිවිසිමට සමත් විය.









