FAST NEWS

24×7 Around the Globe

ජයගහ්‍රණයට හේතුව සහ මෙන්ඩිස් ගැන සංගාගෙන් ප්‍රකාශයක්..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති අවසන් එක්දින තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය විශිෂ්ට බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර සිය ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
එසේම ආරම්භ පිතිකරුවන්ගේ හොඳ සම්බන්ධතාවයක් විශාල ලකුණූ සංඛ්‍යාවක් වෙත යාමට ඉවහල් වන අකාරයට මෙම තරගයේදි මනා උදාරහණයක් ලැබුණු බවද හෙතෙම පෙන්වා දෙයි.
එසේම කුසල් මෙන්ඩිස් තමන්ට හැකි දේ කර පෙන්වා දුන් බවත් එය මතක තබාගෙන නැවත සිදු කල යුතු බවද සංගක්කාර සිය පණිවිඩයෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.