FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දකුණූ අප්‍රිකාවට කඩුළු 05 ක ජයක්..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලි නුවර ඩයමන්ඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 05 ක ජයක් වාර්තා කිරිමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (30 ) සමත් විය.
මේ අනුව තරග 03 කින් යුත් එක්දින තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට දකුණූ අප්‍රිකා කණ්ඩායම සමත්ව සිටියි.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 31 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලකුණු 117 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණූ අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 26 යි පන්දු 01 කදී කඩුළු 05 ක් පමණක් දැවි ලකුණු 119 ක් රැස් කරගනීමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
ලකුණු පුවරුව..