FAST NEWS

24×7 Around the Globe

90 දශකයේ අතිශය ජනප්‍රිය වූ‘කුච් කුච් හෝතා හේ’ දෙවැන්නක්..

බොලිවුඩයේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජෝහර් විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූ ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයේ 1996 වසරේ දී මුළු ලොවක් වසගයට ගැනීමට සමත් විය.
කරන් ජෝහර් විසින් එහි දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ වන විට සැලසුම් කර ඇති අතර චිත්‍රපටයේ තිර පිටපත ද එහුගේ අතින් ලියවෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන්කර සිටියි.
මෙම චිත්‍රපටයේ සුපිරි නළු ෂාරුක් ඛාන්, රාණි මුඛර්ජි, කාජල්ට අමතරව රන්බීර් කපූර්, ආලියා භාට් හා ජාන්වි කපූර් මෙහි රංගනයෙන් දායක වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.
කරන් ජෝහර් මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත්තේ ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයේ දෙවැන්න සඳහා එක්වන රන්බීර්, ජාන්වි කපූර් හා ආලියා ෂාරුක්, රාණි හා කාජල්ගේ දරුවන් ලෙස පෙනී සිටින බවයි.