FAST NEWS

24×7 Around the Globe

කිසිදාක දුෂ්ට චරිත නිරූපණය නොකරන බව සල්මන් කියයි..

බොලිවුඩයේ විශාල ප්‍රේක්ෂක ආකර්ශණයක් හිමිකරගෙන ඇති සුපිරි නළු සල්මන් ඛාන් විසින් පසුගියදා සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහනක් කරමින් දක්වා ඇත්තේ බොලිවුඩ් චිත්‍රපටයක තමා කිසිදාක දුෂ්ට චරිතයක් නිරූපණය නොකරන බවයි.
තමා මේ දක්වා තමන්ට ආදරය කරන ජනතාව අතර, තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින අතර, යම් හෙයකින් දුෂ්ඨ චරිතයක් තමා නිරූපණය කළහොත් එය නැති වී යා හැකි බව සල්මාන් ඛාන් පවසයි.
     “මම දුෂ්ඨ චරිතයක් කළොත් සමහරක් විට එය රසිකයෝ වැරදි විදිහට වැළඳ ගනීවි කියන බයක් මා තුළ තියෙනවා. මොකද, රසිකයෝ කැමතියි මම හැමදාම ඔහුගේ හිතේ වීරයා ලෙස පෙනි ඉන්නවා නම්. මම දුෂ්ඨයා වුණොත් බොහෝ විට ඔවුනුත් ඒ මට්ටමට වැටේවි කියලා මට යම් සැකයක් පවතිනවා.”
මේ වනවිට සිය ‘ට්විටර්’ ගිණුම තුළ මිලියන 34.5 ක රසික පිරිසක් සිටින සල්මාන් ඛාන් හොලිවුඩයේ එවැනි විශාල රසික පිරිසක් සිටින නළු නිළියන් අතලොස්සෙන් කෙනෙක්ද වෙයි.