FAST NEWS

24×7 Around the Globe

ආෂිකී 3 ප්‍රධාන චරිතය රිතික්ට හිමී වෙයි.

වසර 1990දී තිරගත වූ ආෂිකී චිත්‍රපටය මෙන්ම 2013දී තිරගත වූ ආෂිකී 2 චිත්‍රපටයද බොලිවුඩ් සිනමා ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. එයට ප්‍රධානතම හේතුව වන්නේ එහි අඩංගු වූ සිත් අලවන ගීතයි.

ඉන්දීය පුවත් සේවා වාර්තා කරන අන්දමට ආෂිකී 3 චිත්‍රපටයද ළඟදීම නිර්මාණය වීමට නියමිත අතර එහි ප්‍රධාන චරිතය සඳහා බොලිවුඩයේ කඩවසම් නළුවෙකු වන රිතික් රෝෂන් තෝරාගෙන ඇති බවටද රාවයක් පැතිර යයි.

පසුගිය දිනක ආෂිකී චිත්‍රපටයේ ‘දීරේ දීරේ සේ’ ගීතයේ ප්‍රතිනිර්මාණයෙහි රූප රචනය සඳහා රිතික රෝෂන් සහභාගී වූ අවස්ථාවේ ඔහුට මෙම ආරාධනය ලැබී ඇති බවද පැවසේ.

කෙසේවෙතත් මෙතෙක් ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නොමැත.