FAST NEWS

24×7 Around the Globe

ශේකර්ගේ ‘2.0’ එළැඹෙන දෙසැම්බරයේ දී ප්‍රදර්ශනයට…

බොලිවුඩයේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිත බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
කලක් පටන් මෙම චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය වන බවට ඉඟි පළවුවත් නිශ්චිත දිනයක් නොතිබුණ හෙයින් ප්‍රේක්ෂකයන් ද නොඉවසිල්ලෙන් බලා සිටියහ.
සැප්තැම්බර් 13 වැනිදා මෙහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරන බව එහි නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වෙයි.
එම ප්‍රචාරක පටය මුළුමුණින්ම චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර් පෙනී සිටින ජවනිකාවලින් සමන්විත ප්‍රචාරක පටයක් බව නිෂ්පාදක මණ්ඩලය සමාජාජාලා ගිණුම් හරහා ප්‍රේක්ෂයන් දැනුම්වත් කොට ඇත.