FAST NEWS

24×7 Around the Globe

විභාග මධ්‍යස්ථාන තුළ දුරකථන අක්‍රිය කිරීමට යයි..

විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන් තුළ සහ විභාග ශාලා තුළ ජංගම දුරකථන ඇතුළු සියලු සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක්, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
විභාග ශාලාධිපතිවරයාට හැර අනෙක් කාර්ය මණ්ඩලයටද බල පැවැත්වෙන පරිදි මෙම සන්නිවේදන උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සදහන් කළේය.
විවිධ සන්නිවේදන උපාංග භාවිත කරමින් කෙරෙන විවිධාකාරයේ විභාග අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණ ඇතිව මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙනු ඇත.
යුද හමුදා සංඥා බළකායේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙත්, දුරකථන සමාගම්වලත් සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව සනත් පූජිත මහතා පැවසීය.