FAST NEWS

24×7 Around the Globe

රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු පෘථිවියට ලං වෙයි..

රත් පැහැයෙන් දිදුලන රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු අද (31) පෘථිවියට සමීපතම ස්ථානයක පිහිටන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
අඟහරු ග්‍රහයා රතු – තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.
හිරු බැස යාමත් සමඟ නැගෙනහිර ක්‍ෂිතිජයෙන් උදාවන අඟහරු අලුයම් කාලයේ බටහිර ක්‍ෂිතිජයෙන් බැස යන අතර එතෙක් චන්ද්‍රයා හැරුණු කොට මේ දිනවල අහසේ දීප්තිමත්ම වස්තුව වන්නේ අඟහරු ග්‍රහයායි.
අඟහරු අද (31) දිනයේ පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6 ක් තරම් සමීපයට පැමිණෙන බව මහාචාර්යවරයා සදහන් කළේය.
පෘථිවියට සමීප වන රතු ග්‍රහයා දුරේක්ෂ මගින් නැරඹීමේ නිරීක්ෂණ කඳවුරක්ද අද (31) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේ සංවිධාන කර ඇත.