FAST NEWS

24×7 Around the Globe

“ට‍්‍රම්ප්” නැමැති ලෝකප‍්‍රකට විලාසිතා නාමය අවසන් කිරීමට යයි..

මෙම ව්‍යාපාරය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා විසින් පවත්වා ගෙන ගිය අතර ඇය සිය විලාසිතාගාර වසා දැමීමට තීරණය කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඇය ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස පත්වී වසරකට පසුව මෙම තීරණය ගැනීමද විශේෂතත්වයකි.
ඇගේ විලාසිතා භාණ්ඩ ලොව පුරා අලෙවි කිරීම ආරම්භ කළේ 2014 වසරේදීයි. එහෙත් සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරයත් සමග බොහෝ පිරිස් ඇගේ විලාසිතාගාර වර්ජනය කර තිබුණි.
ඇයගේ විලාසිතා අලෙවිකරණ විවිධ රටවල ප්‍රධාන සමාගම් පවසා ඇත්තේ අදාළ විලාසිතාවල අලෙවිය 45%කින් පහත වැටී ඇති බවත් හෙළිව තිබේ.