FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිලේ නායකත්වය යළිත් මැතිව්ස්ට

අකුණු අප්‍රිකානුවන් සමඟ ජුලි 29 දා සිට ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ඇන්ජිලෝ මැතිව්ස්ට හිමිව ඇත.

ඒ අනුව වමත් දඟ පන්දු යවන්නෙකු වන ප්‍රභාත් ජයසූරිය පළමු වරට නම් කල 15 දෙනාගේ සංචිතයට එක්කර ඇති අතර, 2016 නොවැම්බර් මාසයේදී අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් ජයසූරියටද තවත් අවස්ථාවක් හිමිව ඇත.

කෙසේ වෙතත් පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී හැසිරීම හැසිරීම හේතුවෙන් අත්හිටවූ තරග තහනමට ලක්ව ඇති ජෙෆ්රි වැන්ඩර්සේ සහ ගෙවී ගිය ටෙස්ට් තරගාවලියේදී විශිෂ්ට දක්‍ෂතා දැක්වූ දිමුත් දිමුත් කරුණාරත්නද අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.