FAST NEWS

24×7 Around the Globe

ළමා ලොවේ ආකර්ෂණය දිනූ Winnie the Pooh නැවතත්..

කුඩා දරුවන්ගේ නොමද ආදරය මෙන්ම ආකර්ෂණය දිනාගෙන ඇති සුරතල් ලොවේ වලස් පැංචා හෙවත් Pooh ගේ චිත්‍රපටයක් මෙම වසරේ එළිදැක්වීමට නියමිතව තිබේ.
ලෝක ප්‍රසිද්ධ ඩිස්නි සමාගමේ Winnie the Pooh ලෙස ප්‍රසිද්ධියට පත් කාටුන් මාලාවේ ත්‍රිමාණ චිත්‍රපටය ලෙස මෙය එළිදැක්වීමට නියමිතව ඇත.
Christopher Robin ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය මෝෂන් ග්‍රැෆික් තාක්ෂණය ඔස්සේ නිර්මාණය වෙයි. ළමා පරපුර මෙන්ම වැඩිහිටි පරම්පරාවේද ආදරය දිනාගත් මෙම චරිත නැවත වරක් සිනමාවට පිවිසීම පිළිබඳව බොහෝදෙනා නොඉවසිල්ලෙන් බලා සිටිනා බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.