FAST NEWS

24×7 Around the Globe

පිටරට ගොස් නැවත නොපැමිණි කථිකාචාර්යවරුන්ට නීතිමය පියවර..

උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටරට ගොස් ගිවිසුම් කඩකරමින් යළි මෙරටට නොපැමිණි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් 486 ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේය.
අදාළ ගිවිසුම් ප්‍රකාරව ඒවාට අත්සන් තැබූ ඇපකරුවන්ගෙන් හෝ අදාළ මුදල් අයකර ගැනීමට නීතියෙන් කටයුතු කරන බව රාජපක්ෂ මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇස්තමේන්තු කර ඇති ආකාරයට එම විදේශගත කථිකාචාර්යවරු 486 දෙනාගේ විදෙස් උසස් අධ්‍යාපනය සඳහා වන පාඨමාලා ගාස්තු, සංචාරක වියදම් සහ වෙනත් වියදම් සඳහා රුපියල් මිලියන 800ක් වියදම් කොට ඇති බවද එම මුදල් ඉදිරියේදී අය කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.
මේ වනවිටත් එම කථිකාචාර්යවරුන් වෙත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලිඛිත දැනුම්දීම් සිදුකර තිබුණද ඇතැමුන් ඒවා නොසලකා හැර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.