FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර තුළ සිටින මත් ජාවාරකරුවන් ගැන STF පරීක්ෂණ..

මේ වනවිට මත්ද්‍රවය ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ජාවාරම්කරුවන් එහි සිටියදීම ගන්නා ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇත.
දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රවය ජාවාරමේ නිරතව සිටි රැඳිවියන් 06 දෙනෙක් විසින් ලබා ගන්නා ලද දුරකථන ඇමතුම් පිලිබඳව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර. ලතිෆ් සදහන් කරයි.
සිදුකරගෙන යන විමර්ෂණයන්ට අනුව මෙම ජාවාරම්කරුවන් මාසිකව විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන බවත් ඉන් වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට ලබා ගෙන ඇති බවත් ඒ පිලිබඳවද මේ වන විට පුළුල්ව තොරතුරු සොයා ගෙන යන බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර සිටියේ.
ඉන් කිහිපදෙනෙක් ඇමතුම් සංඛ්‍යාව 3000 කට ලබා ගෙන ඇති බව වනවා . එම ඇමතුම් සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ෂණයන් හිදී අනාවරණය වී ඇත්තේ ලබාගෙන තිබෙන දුරකථන ඇමතුම් වලින් වැඩි ප්‍රමාණයක්