FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයට එරෙහිව තිසර පෙරේරාගෙන් අගනා ශතකයක්..

බංග්ලාදේශ කණ්ඩායම සමග අද (19) පැවැත්වෙන තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 ක් තුළ සියළු දෙනා දැවි ලකුණු 275 ක් රැස් කළේය.
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක තිසර පෙරේරාගෙන් පන්දු 88 කදී අගනා ලකුණු 111 ක් වාර්තා වු අතර උපුල් තරංග පන්දු 51 කදී ලකුණූ 44 ක් ලබා ගත්තේය.
මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා පන්දුවාර 50 ක් තුළ ලකුණූ 276 ක් රැස් කළ යුතුය
තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය ජයහහ්‍රණය කරමීන් බංග්ලාදේශ කණ්ඩායම 1-0 ලෙස පෙරමුණේ පසුවෙයි.
DE සිල්වා