සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලීඞ්ස්හිදි පැවැති තෙවැනි එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට ඊයේ (17 ) සමත් විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 256 ක් රැස්කිරීමට ඔවුන් සමත් වූහ.
ඒ අනුව ජයග්රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 44.3 කදී කඩුලු 02 ක් පමණක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.
ලකුණු පුවරුව පහතින් දැක්වේ.

DE සිල්වා









