FAST NEWS

24×7 Around the Globe

තිරිමාදුර හා සරත්ගේ නිර්මාණයකට නළු නිළියන් සොයයි..

මෙරට රංගන ක්ෂේත්‍රයට , සිනමාවට මෙන්ම වේදිකා නාට්‍ය කලාවටත් විශාල දායකත්වයක් සපයන රංගන ශිල්පීන් දෙදෙනෙකු ලෙස සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර හැදින්වීමට පුළුවන්.
මීට අමතරව සාර්ථක තිරපිටපත් රචකයන් දෙදෙනෙකු වන මේ දෙපළ කලා ක්ෂේත්‍රෙය් සියළුම පැතිකඩවල් නියෝජනය කරමින් තමන්ගේ දායකත්වය සපයාදෙයි.
සරත් සහ තිරිමාදුර නිර්මාණය කරන නවතම සිනමා නිර්මාණය වන “ද නිව්ස්පේර්ස්” සදහා අතිරේක නළු නිළියන් බදවා ගැනීමක් සිදුකරන බවත් ඒ සදහා හෙට (18) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා මේ වෙනුවෙන් තිර පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඔවුන් සදහන් කරයි.
මේ තිර පරීක්ෂණය පැවැත්වෙනු ලබන්නේ  ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී බවත් රංගනයට කැමති ඔබ සියලු දෙනාට මේ සදහා සහභාගී වීමට හැකි බවත් ඔවුන් කියා සිටියි.