මෙරට සිනමාවට විශාල දායකත්වයක් සැපයූ නිෂ්පාදකවරු තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම එක්ව සම නිෂ්පාදනය කළ “තුන්දෙනෙක්” (Her, him & the other) 2018 ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන ඇත.
ලෝකර්නෝ සිනමා උළෙල වෙබ් අඩවිය නිවේදනය කරමින් සදහන්කර සිටින්නේ දකුණු ආසියානු කලාපයේ රටවල නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන මෙම Open doors කාණ්ඩය යටතේ තිරගත කෙරෙන වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට අතරට මෙම චිත්‍රපටයද ඇතුලත් බවයි.
ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමයේ සමාජ දේශපාලන වටපිටාව මෙම චිත්‍රපටය හරහා දිගහැරෙනු ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූඩ් රත්නම් නිර්මාණය කළ Demons in paradise චිත්‍රපටයත් වෘතාන්ත චිත්‍රපට කාණ්ඩයේ ප්‍රදර්ශනය කෙරෙද්දී ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ Tradition කෙටි චිත්‍රපටයත් ලෝකර්නෝ Open doors කාණ්ඩයේ තිරගත කිරීමට තෝරාගෙන තිබේ.










