FAST NEWS

24×7 Around the Globe

FIFA නැරඹූ ප්‍රේක්ෂකයන්ට පුටින්ගෙන් අනගි අවස්ථාවක්..

2018 වසරේ රුසියාවේ පැවැත්වූ මෙවර ලෝක කුසලාන තරගාවලියේ විදේශික ප්‍රේක්ෂකයන් හට 2018 වසර නිමවන තෙක් වීසා රහිතව රුසියාවට නැවත පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බවට රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් ප්‍රකාශ කර ඇත.
රුසියාවේ මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය නිමවීමෙන් පසුව පුටින් විසින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රේක්ෂකයන් ප්‍රවේශ පත් මිලදී ගන්නා අවස්ථාවේදී ප්‍රවේශ පත්‍රය සමඟ හැඳුනුම්පතක් නිකුත් කිරීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබූ අතර, ඒ අනුව එම හැඳුනුම්පත් හිමි විදේශික පාපන්දු ලෝලීන් සියලු දෙනාටම මේ වසර අවසානය දක්වා වීසා රහිතව රුසියාවට පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.
තවද මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කළ ආකාරය පිළිබඳව තමන් සතුටට පත්වන බවත්, ලෝක කුසලානයට සත්කාරකත්වය හෙබවීමට ලැබීම තමන්ට ඉතාමත්ම ආඩම්බරයක් බවත් රුසියානු ජනපති තවදුරටත් පවසා සිටියි.