FAST NEWS

24×7 Around the Globe

මාවන් හා රෝෂාන් පසුකර මැතිව්ස් පෙරට එයි..

දකුණු අප්‍රිකාව සමග පසුගියදා නිමාවට පත්වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි උඩපන්දු 04 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ටෙස්ට් උඩපන්දු ලාභීන් (කඩුළු රකින්නන් නොවන) අතර 06 වැන්නා විමට සමත් විය.
එ අනුව ටෙස්ට් උඩපන්දු 56 ක් රැකගෙන 08 වැනි ස්ථානයේ පසුවු මැතිව්ස් ඉකුත් තරගයේදි ලබාගත් උඩපන්දු 04 ත් සමග හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිඩකයින් වන රෝෂාන් මහනාම (56) හා මාවන් අතපත්තු (58) පසු කර යමීන් සිය ටෙස්ට් උඩ පන්දු සංඛ්‍යාව 60 ක් දක්වා ඉහළට ගෙන එමට සමත් විය.
ශ්‍රී ලංකා ටෙස්ට් උඩපන්දු ලාභීන්ගේ ලැයිස්තුව..
205 – මහේල ජයවර්ධන
89 – හෂාන් තිලකරත්න
78 – සනත් ජයසුරිය
77 – ටි.එම් ඩිල්ෂාන්
70 – මුත්තයියා මුරලිදරන්
60 – ඇන්ජලෝ මැතිව්ස්*
58 – මාවන් අතපත්තු
56 – රෝෂාන් මහනාම
DE සිල්වා