FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා පිතිකරුවෝ ශ්‍රී ලංකාව හමුවේ අසරණ වෙති..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 06 ක් දැවි ලකුණූ 86 ක් ලබා සිටියි.
ඒ අනුව අප්‍රිකාව ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණූ 287 වඩා තවත් කඩුලු 04 ක් අතැතිව ලකුණූ 201 ක් පසු පසින් සිටියි.
නොදැවි පන්දුවට පහරදෙමින් සිටින ප්ලෙසිස් ලකුණූ 22 ක් හා පිලැන්ඩර් ලකුණූ 16 ක් රැස් කරගෙන සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවිමක නිරත වු දිල්රුවන් පෙරේරා කඩුළු 03 ක් හා රංගන හේරත් කඩුළු 02 ක් දවා ගැනිමට සමත් වුහ.
ලකුණූ පුවරුව..

DE සිල්වා