FAST NEWS

24×7 Around the Globe

කත්‍රිනාගේ විවාහය කිසිදා සිදුනොවන ලකුණු..

බොලිවුඩයේ සුපිරි නිළියන් අතරේ දක්ෂතම නිළියක් වන කත්‍රිනා කායිෆ් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ මීට වසර 12 කට පමණ පෙර වන අතර ඊට පෙර ඇය මෝස්තර නිරූපිකාවක් වශයෙන් කටයුතු කර ඇත.
අති ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා පට බොහෝමයක රංගන දායකත්වය ලබාදී ඇති කත්‍රිනා සමග බොලිවුඩයේ සුපිරි නළුවන් කීපදෙනෙකුම ප්‍රේම සම්බන්ධතා පැවැත්විය.
සල්මාන් ඛාන් හා කත්‍රිනා අතර පැවැත්වූ සම්බන්ධය විවාහය දක්වාම යනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ.
නමුත් ඉන්පසු රන්බීර් සමග ප්‍රේමයෙන් වෙලුනු ඇය ඔහුත් සමග එකම නිවසක බොහෝ කල් ජීවත් වූහ.
මේ වනවිට නැවතත් ඇය සල්මාන් සමගින් සමිප මිතුදමක් පවත්වන අතර, ඒ නිසා ඇය නැවතත් සල්මාන්ට ප්‍රේම කරන බව බොහෝ දෙනෙකු පවසා සිටියි.
මේ සම්බන්ධව මාධ්‍ය හමුවකදී ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් කත්‍රිනා සදහන් කර සිටියේ තමාගේ විවාහය කිසිදිනක සිදු නොවීමට බොහෝ ඉඩ පවතින බවයි.