FAST NEWS

24×7 Around the Globe

නේටෝ සංවිධානයට මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකරන්න…

බ්‍රසල්ස් නුවර පැවති නේටෝ සංවිධානයේ විශේෂ හමුවකට සහභාගී වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සංවිධානය නියෝජනය කරන රටවල් එම සංවිධානයට ලබාදෙන මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකළ යුතු බව ප්‍රකාශ කර ඇත.
නේටෝ සංවිධානය නියෝජනය කරන රටවල් මේ වනවිට සංවිධානයේ ක්‍රියාකාරීත්වය සඳහා යොදවනු ලබන්නේ දල ජාතික නිෂ්පාදිතයෙන් 4% ක පමණ ප්‍රතිශතයක් පමණි.
මේ හේතුවෙන් ඇමරිකාවට නේටෝ සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් වැඩි බරක් දැරීමට සිදුව තිබෙන බවත් ඒ අනුව 8% ක් දක්වා නේටෝ රටවල් සිය දායකත්වය ලබාදිය යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
D.Undugoda