FAST NEWS

24×7 Around the Globe

තායි ගුහාවේ සිරවූ ළමුන්ට FIFA නැරඹීමට අවස්ථාව..

සති 02 කට වැඩි කාලයක් පුරාවට තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් වියේ පසුවන පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු සදහා රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සදහා නොමිලේ ආසන පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
ඒ අනුව මේ වනවිට ක්‍රියාත්මක වන ගලවාගැනීමේ මෙහෙයුම් අවසන්වී ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරීමෙන් පසුව එළඹෙන 15 වනදා රුසියාවේ සෝචි හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාණයේ අවසන් මහා තරඟය නැරඹීම සදහා පිටත් කර යැවීමට තායිලන්ත රජය සූදානමින් පසුවෙයි.
මේ වනවිට පුහුණුකරු හා දරුවන් අතරින් 08 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇත.