FAST NEWS

24×7 Around the Globe

පූටින්ගේ කීම සනාථ කරමින් රුසියාව අවසන් පූර්ව වටයට..

ඊයේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සත්කාරක රුසියාව සමත්විය. ඒ ප්‍රභල ස්පාඤ්ඤ කණ්ඩායම 4 -3 ක් ලෙස දඬුවම් පහරින් පරාජයට පත්කරමින්.
මේ වනවිට ස්පාඤ්ඤය, පෘතුගාලය හා ආජන්ටිනාව යන ප්‍රධාන කණ්ඩායම් තුනක්ම තරගාවලියෙන් ඉවත්වී තිබේ.
සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි.
නමුත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.
අර්ධ අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා ජනපතිවරයා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.