FAST NEWS

24×7 Around the Globe

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට මහේස්ත්‍රාත් අවසර..

මරා දැමුණු බව කියන හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර එළැඹෙන 10දා ගොඩ ගැනීමට කොළඹ අතිරේක් මහේස්ත්‍රාත් අද (06දා) අවසර දුන්නේය.

අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඉදිරියේ සිරුර ගොඩ ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

ඔහුගේ සිරුර දෙහිවල පල්ලියක වළදමා තිබේ.