FAST NEWS

24×7 Around the Globe

සෝ සුසුම් මැද ශ්‍රීදේවි අද අවසන් ගමන් යයි..

පසුගියදා මෙලොවින් සමුගත් භාරතීය සුපිරි නිළි ශ්‍රීදේවිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(28) පස්වරු 3.30ට මුම්බායිහි දී හින්දු චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි .
දේහය අද පෙරවරු 9.30 සිට 12.30 දක්වා ලෝක්නද්වාලා හි පිහිටි ඇගේ නිවස අද්දර උත්සව ක්‍රීඩා සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරන අතර පස්වරු 2.30ට එය විලේ පාර්ලේ සේවා සමාජ් ආදාහනාගාරය වෙත රැගෙන යාමට සියලු කටයුතු සම්පාදනය කර ඇත.
දේහයට අවසන් ගෞරව දක්වන අවස්ථාව වීඩියෝ ගත කිරීම් සහ පටිගත කිරීම් සඳහා අවසර ලබා දී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට ලක්ෂ ගණනක රසික පිරිසක් රැස්ව සිටින බැවින් එම ජනතාව හසුරුවා ගැනීම සඳහා පොලිසියේ විශේෂ සැළසුම් ක්‍රියාත්මක කොට ඇත.