FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීදේවිට කිසිදු හෘද්‍යාබාධ තත්ත්වයක් තිබී නැහැ..

පසුගිය 24 වනදා ඩුබායිහි පැවති  මංගල උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි බොලිවුඩ්  නිළි ශ්‍රීදේවි හදිසි හෘද්‍යාබාධයක් හට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වු බව වාර්තා විය.
කෙසේවෙතත් ශ්‍රීදේවි හට මීට පෙර කිසිදු හෘද්‍යාබාධ තත්ත්වයක් නොපැවති බව ශ්‍රීදේවිගේ සැමියා වන බොනී කපූර්ගේ බාල සොයූරු සිනමා නළු සංජය කපූර් ඩුබායිහි පළවන කාලීජ් ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.
පසුගිය 24 වනදා රාත්‍රී 11ට පමණ ඩුබායිහි හෝටල් කාමරයේදී සිදුවූ මෙම අනපේක්ෂිත සිදුවීමේන් මුළු කපූර් පවුලම මහත් කම්පනයට පත්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
ඩුබාහි පැවැති ඥාති පුත්‍ර මෝහිඩ් මර්වාගේ මංගල උත්සවයට සහභාගි වී හෝටල් කාමරයට පැමිණීමෙන් අනතුරුව මෙම හදිසි මරණය සිදුවී තිබේ.