FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදා දකුණු අප්‍රිකානුවෝ කඩුළු 06 ක් ජයක් ලබති….

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ඊයේ (21) පැවති දෙවැනි විස්සයි – 20 විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු 06 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 184 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 04 ක් අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණූ 189 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
එ අනුව තරග තුනකින් සමන්විත විස්සයි -20 තරගාවලිය 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයෙන් පසුවෙයි.
ලකුණූ පුවරුව.