FAST NEWS

24×7 Around the Globe

හොංකොං විස්සයි – 20 තරගාවලියේ වීරයා කුමාර් සංගක්කාර..

2018 හොංකොං විස්සයි – 20 තරගාවලියේ අවසන් මහා තරගයෙන් කුමාර් සංගක්‌කාර නියෝජනය කරන ගැලැක්‌සි ග්ලැඩියේටර්ස්‌ හමුවේ ලකුණු 06 ක තියුණු ජයක්‌ ලැබු හංග් හොම් ජගුවාර්ස්‌ හොංකොං බ්ලිස්‌ට් කණ්ඩායම‌ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ඊයේ (11) දිනයේ පැවති මෙම තරගයේදි පළමුව පන්දුවට පහර දුන් හංග් හොම් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට රැස්‌කරන ලද ලකුණු 200 ක ඉලක්‌කය හඹාගිය ග්ලැඩියේටර්ස්‌ කණ්ඩායමට කඩුලු 04 ක්‌ දැවී රැස්‌කරගත හැකිවූයේ ලකුණු 194 ක්‌ පමණි.
එ හිදි පන්දු 52 කදී හයේ පහර හයක්‌ සහ හතරේ පහර අටක්‌ සමගින් ලකුණු 93 ක්‌ රැස්‌කළ හංග් හොම් පිලේ නිසකාට්‌ ඛාන් තරගයේ වීරයා බවට පත්විය.
එහිදී නායකත්වයේ ඉනිමක්‌ ක්‍රීඩා කළ කුමාර සංගක්‌කාර පන්දු 47 කදී ලකුණු 76 ක්‌ රැස්‌කරනු ලැබුවේ ඊට හතරේ පහර හතරක්‌ සහ හයේ පහර හතක්‌ ඊට එක්‌ කරමිනි.
තරගාවලිය පුරා දක්ෂතා දැක්වු කුමාර් සංගක්කාර විසින් මෙම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනු ලැබීය.