මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම නිර්මාණය ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ සිනමාපටය වෙසක් උලෙළ නිමිත්තෙන් 2018 අප්‍රේල් 26 දා සිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
පල්ලවී සුභාෂ්, ඒ.චෞද්රි යන භාරතීය රංගන ශිල්පින් යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුවී ලක්මලී ඇතුළු නළු- නිළියන් පිරිසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති.
“යශෝධරා” හි ගී පද රචනය , සංවාද රචනය සහ තිර රචනය නිම වී ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් වන අතර මෙහි ගීත ගායනා ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉමෝකා අහංගම සමග ආචාර්ය විශාරද නන්දා මාලිනීගෙනි.
සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩී.ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මෙහි සම නිෂ්පාදකවරු ලෙස කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්ද්‍ර හපුතන්ත්‍රී, චාන්ද්රී හපුතන්ත්‍රී කටයුතු කරති.












