FAST NEWS

24×7 Around the Globe

දෘෂ්‍යාබාධිත 05 වන ලෝක කුසලාන කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පුර්ණ අනුග්‍රහය..

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 05 වන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ අනුග්‍රහය ලබා දී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේ දී ලබන 09 වනදා සිට 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමීතය.

මීට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සංචිතයට ක්‍රීඩකයින් 17දෙනෙකු ඇතුළත් වෙයි.

ඔවුන්ගේ උපකරණ හා ගුවන් ගමන් බලපත්‍ර වෙනුවෙන් රුපියල් ලක්ෂ එකොළහක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට NCC ක්‍රීඩා පිටියේ පැති විකට්ටුව මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තණතීරුව සහ පුහුණුකරුවෙකුගේ ද සේවය ලබා දී ඇත.

ඊට අමතරව දෘෂ්‍යාබාධිත ලෝක ක්‍රිකට් සංගමයේ පසුගිය වසරට අදාළ සාමාජික මුදල් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත ලබා දීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

DE සිල්වා