ලයිබීරියාවේ නව ජනාධීපතිවරයා ලෙස ජෝර්ජ් වෙයා තේරී පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.
පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී ඔහුට 61.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබූ බව ලයිබීරියාවේ මැතිවරණ කොමිසම සඳහන් කරන ලදි.
ජෝර්ජ් වෙයාගේ ප්‍රතිවාදියා වූ ජෝසප් බෝකායිට ලබා ගැනිමට හැකි වුයේ 38.5%ක ප්‍රතිශතයක් පමණයි.
ජෝර්ජ් වෙයා එරට හිටපු පාපන්දු ක්‍රීඩකයකුද වන අතර 2002 වසරේදී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ ඔහු දේශපාලනයට පිවිසුණි.
51 හැවිරිදි වෙයා ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සහ බැලන්ඩෝ සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූ එකම අප්‍රිකානු ක්‍රීඩකයා ලෙසද සැළකෙයි.
C.Rodrigo









