ඉන්දියාවේ වෙළඳසංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් පහලොස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස්මාධ්‍ය පවසයි.
මුම්බායි නගරයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති බවත් ගොඩනැගිල්ලේ තුන් වන මහලේ ඇතිවූ එම ගින්න පසුව සෙසු මහල් වලටද ව්‍යාප්ත වු බවත් විදෙස්වාර්තා වල සදහන්ය.
මියගිය පුද්ගලයින්ට අමතරව තුවාල ලැබූවන් 50කට ආසන්න පිරිසක් රෝහල් ගතකර තිබෙන බවත් ගින්නට හේතුව මෙතෙක් හෙලි වී නොමැති බවත් වාර්තා වේ.
C.Rodrigo









