FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප අපේක්ෂකයකුට නිවෙසටම ඇවිත් මරණ තර්ජනය කරලා..

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට නාම යෝජනා භාරදී ඇති අපේක්ෂයකුගේ නිවෙසට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අපේක්‍ෂකයාට මරණීය තර්ජනය එල්ල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි ගම්පහ පොලිසිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා (27) කරුණු වාර්තා කෙළේය.

උඩුගම්පොළ, ‍දොරණගොඩ පදිංචි චින්තක වසන්ත කුමාර නමැති අපේක්ෂකයාගේ නිවෙසට ඉකුත් 23 වැනිදා අලුයම් කාලයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම අපේක්ෂකයාගේ නිවෙසේ මිදුලෙන් වාහනය හරවා ගෙන එළියට බහින්න එපා. මරනවා කියා තර්ජනය කර ගිය බවට ඡන්ද අපේක්ෂකයා පැමිණිලි කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

සැකකරුවන් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බවට ගම්පහ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.