සුප්‍රකට ගායන ශිල්පිණී රියානාගේ 21 හැවිරිදි ඥාති සහෝදරයා ඔවුන්ගේ උපන් බිම වන බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයක් වන බාර්බඩෝස් රටේදී දෙසැම්බර් 26 වනදා ඝාතනය කරනු ලැබ තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
ටවොන් කයිසීන් ඇලේන් නම් වූ ඔහු නත්තල් දා ගත කර ඇත්තේ සිය 29 හැවිරිදි සුප්‍රකට ඥාති සොහොයුරිය සමඟ වන බවත් බාර්බඩෝස් හි සාන්ත මයිකල් නම් ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකු ඔහුට කිහිප වරක් වෙඩි තැබීමෙන් අනතුරුව රෝහල්ගත කරන ලද පසු ඔහු මිය ගිය බවත් සදහන් වෙයි.
සිය ඥාති සහෝදරයා සමඟ ගත් ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරමින් රියානා ඔහුගේ වියෝව පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන ලදි.












