FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයයි පොහොට්ටුවයි එකතු වෙන තැන සුසිල් කියයි..

ඉදිරි මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් කණ්ඩායමක සහාය ලබා ගැනීමට සිදු වුවහොත් ශ්‍රීල.නි.ප.ය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (27) ශ්‍රීල.නි.ප. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුවේ සිටින්නේත් ශ්‍රීල.නි.ප.යේ සාමාජිකයන් නිසාම එ.ජා.ප.ය හා එක්වීමට අවශ්‍ය නොවන බවද හෙතෙම පැවැසීය.

කඳවුරු දෙකක වුවත් අපි සියලුදෙනා ප්‍රගතිශීලීන් නිසා බහුතර බලයක් නොමැතිව බලය පිහිටුවීමේදී පොහොට්ටුව හා එක් වන බවට දෙකක් නැති බවද ඔහු පැවැසුවේය.