FAST NEWS

24×7 Around the Globe

පේරූ රාජ්‍යයේ හිටපු ජනපතිට සමාව දීමට එරෙහිව විරෝධතා..

ෙමානව හිමිකම් උල්ලංඝනය හා දූෂණ චෝදනා මත වසර විසිපහකට සිරගෙට නියමව සිටින පේරූ රාජ්‍යයේ හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරිට ජනපති සමාවක් ලැබිමට එරෙහිව පෙරූ රාජ්‍යයේ විරෝධතා සිදු කෙරන බව විදෙස් වාර්තා පවසයි.

සෞඛ්‍යමය හේතූන් මත නත්තලට පෙර දිනයේ වත්මන් ජනපතිවරයා විසින් හිටපු ජනපතිවරයාට සමාව දී තිබිණි.

හිටපු ජනපතිවරයා රෝගාතුරවීම හේතුවෙන් පසුගියදා බන්ධනාගාරයේ සිට රෝහලට යවා ඇති බවත් පැවසේ.

අඩු රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටි ඔහුගේ හෘද ස්පන්දනය අක්‍රමවත් බවද හෙළිව ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

DE සිල්වා