FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ක්‍රීඩක ඇලෙස්ටයාර් කුක් මහේල ජයවර්ධනව අභිබවා යයි..

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අභිබවා යමීන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඇලෙස්ටයාර් කුක් ලකුණු ලාභින් අතර 08 වැනි ස්ථානයට පත් වීමට අද (27) සමත් විය.

එ අනුව මහේල ජයවර්ධන තරග149 කට සහගාගී වෙමීන් රැස්කරගෙන සිටි ටෙස්ට් ලකුණු 11814 සීමාව පසු කර ගියේය.

ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අළු බදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගයේ දෙවැනි දිනය අවසන් වන විට එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ශතකයක් (104*) රැස් කරගනිමීන් නොදැවි සිටින කුක් ටෙස්ට් ලකුණූ 11816 ක් රැස් ලබා ගෙන සිටියි.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට ලකුණූ 327 ක් ලබා ගත් අතර එංගලන්තය කඩුළු 02 ක් පමණක් දැවී ලකුණු 192 ක් ලබා සිටියි.

එ අනුව ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා එංගන්ත කණ්ඩායම තවත් කඩුළු 08 ක් අතැතිව ලකුණු 135 ක් පසුපසින් සිටියි.

තරග පහකින් යුත් මෙම අළු බදුන තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව සිටියි.

ටෙස්ට් ලකුණු ලාභින්ගේ සටහන..

එංගලන්ත ලකුණූ පුවරුව..

DE සිල්වා