FAST NEWS

24×7 Around the Globe

මත්ස්‍ය අපනයනයේ සීයයට 45.9ක වර්ධනයක්..

2016 ජුනි මස 22 දින ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබු යුරෝපා සංගමයේ තහනම ඉවත් කිරීමෙන් පසු 2017 ජනවාරි සිට නොවැම්බර් අග දක්වා වු කාලය තුල මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක වර්ධනයක් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.

යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවලට මෙරට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු 2105 ජනවාරි සිට වසර එකහමාරක කාලය තුළ රුපියල් කෝටි 1800ක පාඩුවක් සිදුවු බවද එම අමාත්‍යාංශය කියයි.

2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 18,262කි. එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි. පසුගිය වසරේ අදාල කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. එය මේ වසරේ කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් බවද අමාත්‍යංශය පවසයි.

DE සිල්වා