FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ට එරෙහිව ඇමරිකාවෙන් මුල්‍ය කප්පාදුවක්..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2018 – 2019 අයවැය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය දායකත්වය කැපී පෙනෙන ලෙස කපා හැරීමට සූදානම් බව ට්‍රම්ප් පරිපාලනය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව ඉදිරි මූල්‍ය වසරේදී ඇමරිකාවේ දායකත්වය ඩොලර් මිලියන 285කින් කපා හැරීම සඳහා සාකච්ඡා පවත්වන බව ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනී නිකී හේලි මහත්මීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ජගත් සංවිධානයේ කළමනාකාරීත්ව සහ සහාය ක්‍රියාකාරකම් සඳහා ඇමරිකානු දායකත්වය ද කපා හැරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

DE සිල්වා