FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පරණ භාණ්ඩ එකතු කරන බෝතල් පත්තර මුදලාලි කෙනක් – අනුර

වසර 2011න් පසු ජවිපෙ ක්‍රියාකාරි දේශපාලනයට සම්බන්ධ කිසිවකු ශ්‍රී ලනිපය සමඟ එක්ව නැති බවත් ඒ වටා එක්ව සිටින්නේ පක්ෂයෙන් ඉවත් වූ සහ ඉවත් කළ බංකොලොත් පිරිසක් බවත් දිසානායක මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පරණ භාණ්ඩ එකතු කරන බෝතල් පත්තර මුදලාලි කෙනකු බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියයි.

ජවිපෙ හිටපු මන්ත්‍රිවරුන් ඇතුළු සාමාජිකයන් 31 දෙනකු ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වූ බව හා කීපදෙනකු ජනාධිපති අතින් ශ්‍රී ලනිපයේ සාමාජිකත්වය ලබාගත් බවට ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා ඉහත සඳහන් කෙළේය.

පසුගියදා (21දා) ජනපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට අනුව ‘ජවිපෙ විශාල පිරිසක් ශ්‍රී ලනිපය සමඟ එක්වූවා’ යන ප්‍රකාශය අසත්‍ය බව පවසන මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ එසේ එක් වූවා යැයි කියන පිරිසෙහි සිටින්නේ වෙනත් පක්ෂවලින් ඡන්ද ඉල්ලූ මෙන්ම ජනපති කාර්යාලයේ පවා සේවය කළ වූවන් බවය.